මේ ලිපිය කියවන්න කලිං මීට කලින් දාපු කොටස් දෙක කියවල ඉන්නවනං තේරුං ගන්න පහසු වේවි. ඒ කොටස් වලට යන්න නම් මෙතනට කොටන්න.
පරිගණකය විවිධ කටයුතු වලට භාවිතා කරන්න පුළුවන් උනත් ඒක පුචලික වීම අඩු වෙන්න බලපාන හේතුවක් තමයි භාවිතා කරන කෙනාට විශේෂයෙන් පරිගණකය හසුරුවන්න ඉගෙන ගන්න වෙන එක. මේ ටච් ස්ක්‍රීන් එකේදිත් ඒ සඳහා භාවිතා කරන විශේෂ පෑනක් වගේ උපකරණය භාවිතය පුහුණු වෙන්න ඕන. ඒක ගොඩක් සරල උනාට සමහර අය මේ වගේ අළුත් උපකරණ දැක්කහම බය වෙනවනේ . ඒක නිසා විද්‍යාඥයො උත්සාහ කරා මේ තාක්ෂණය පුළුවන් තරම් සරල විදියට පාරිභෝගිකය අතට පත් කරන්න. ඒ අනුව ඔවුන් මම අර කලින් කයපු විශේෂ විද්යුත් චුම්බක තරංග වෙනුවට ආලෝක තරංග භාවිතා කරන්න පුළුවන්ද කියල උත්සාහ කරල බැලුව.
ආලෝක තරංග නැත්නම් සාමාන්‍ය ආලොක කිරණ, තවත් විදියකින් කියනවනම් ආලෝකයට සංවේදී වන පරිගණකය සතු උපකරණ දෙක තමයි කැමරාව සහ ස්කෑනරය. එයිනුත් ස්වාභාවික ආලෝකයට සංවේදී වෙන්නෙ කැමරාව. ඉතිං පරිගණක විද්‍යාඥයින් අදහස් කළා සාමාන්‍ය විදියට අතකින් කරන සලකුණු කිරීමක් හරි ඇඟිල්ලකින් කරන ඇඳීමක් හරි පරිගණකයට හඳුනාගැනීමට හැකි වන පරිදි තාක්ෂණය දියුණු කරන්න.
එහිදී කරන්නෙ කැමරාවකින් ආදානය කරන (Input) පින්තූර පෙළක් සන්සන්දනය කරල ඒ පින්තූර පෙලෙහි තියන පිහිටීම වෙනස් වන වස්තූන් හඳුනා ගන්න එක. නිශ්චල පසුබිමක අතේ ඇඟිල්ලක් භාවිතා කරල ඇන්දහම ඇඟිල්ලෙ හිපිටීම එක් එක් රූප රාමුවෙදි වෙනස් වෙනව. ඒක වනස් වීම් මාරිගය ඇඳීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒත් ඒක කරන්න නම් ජය ගන්න ඕන අභියෝග දෙකක තියනව. පළවෙන් එක තමයි තත්පරයක් තුළ විශාල දත්ත ප්‍රමාණයක් පරික්ෂා කර බැලීමට සිදු වෙනව අදාල චලනය හඳුනාගන්න. එම අභියෝගය දැන් වෙළඳපොලට පැමිණ තිබෙන නූතන පරිගණක ජයගෙන තිබෙනවා. ඒවායේ දත්ත දැකසුම් වේගය ඉතා ඉහල නිසා එම අභියෝගය ජයගෙන තිබෙනවා.
දෙවන අභියෝගය තමයි පසුබිමෙන් චලනය වන වස්තුව හඳුනා ගැනීම. මේ සඳහා වර්ණ භාවිතා කළ හැකියි. ඒත් අපි අතේ ඇඟිල්ලකින් යමක් අඳිනකොට අල්ල සහ අතේ අග කොටස (මැනික්කටුව ප්‍රදේශය) ත් චලනය වෙනව. ඒ නිසා පරිගණකයට පැහැදිලිව අඳුනගන්න බැහැ ඇඟිල්ලෙ තුඩයි, ඇඟිල්ලෙ මැද හරියයි. මොකද මේ ස්ථාන දෙකෙ පාට වල ඒ තරම් වෙනසක් නැති නිසා. ඒකට විසඳුමක් විදියට පරිගණක තිරයේ ඇති විධානයන් තෝරාගැනීම, සාමාන්‍ය අතින් ඇඳීම වැනි ක්‍රියා සිදු කරන කොට ඇගිල්ලෙ තුඩ හඳුනාගන්න ඇඟිලි තුඩ විශේෂ වර්ණයකින් වර්ණ ගන්නවනව. එතකොට පරිගණක කැමරාවෙ සටහන් වෙන ඒ විශේෂ වර්ණ පැල්ලම නැත්නම් ඇඟිල්ලේ තුඩ ගමන් කරන මාර්ගය පරිගණකයට පහසුවෙන් හඳුනාගත හැකියි.
දැනට අපි මවුස් එක භාවිතා කරල පරිගණ මතකයේ ඇති කණ්ඩාංක තලයක් මත ඇඳපු වස්තූන් විවිධ වෙනස් කම් වලට ලක් කරණව. ඉදිරියේදි ඉහත කී තාක්ෂණය උපයෝගී කරගෙන පරිගණකය මගින් ප්‍රක්ශේපණය කරල ලද රූපයක තියන විවිධ වස්තූන් වල වෙනස් කම් අතේ ඇඟිලි වලින් අල්ල සිදු කරන්න පුළුවන් විදියේ පරිගණක වෙළඳපොලට ඒවි. ඒ පිළිබඳ මූලික පර්යේෂණ දැන් වෙනකොටත් අවසන් කරල හමාරයි. ආරංචියෙ හැටියට නම් මේ නව තාක්ෂණය විවෘත්ත හා නිදහස් මෘදුකාංගයක් විදියට තමයි දොරට වඩින්න ඉන්නෙ. එහෙම උනොත් නම් කාට කාටත් තමන්ගෙ අතේ ඇඟිලි වලින් වැඩ ගන්න පුළුවන් වේවි. ඒ සම්බන්ධ අළුත්ම තොරතු මේ වීඩියො පටයෙ තියනව. මේක මම මෙතනට ගෙනල්ල එබුවෙ http://video.ted.com/talks/dynamic/PranavMistry_2009I-medium.flv කියන අන්තර්ජාල සම්බන්ධතාවයෙන්. ඒ වීඩියෝ එක බලන්න ඕන නම් මෙතනට කොටන්න