බලාපොරොත්තුව..

හෙට තාක්ෂණය අද ඔබේ අතට....



Saturday, February 27, 2010

මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයෙන් එහා... (තුන්වන කොටස)

මේ ලිපිය කියවන්න කලිං මීට කලින් දාපු කොටස් දෙක කියවල ඉන්නවනං තේරුං ගන්න පහසු වේවි. ඒ කොටස් වලට යන්න නම් මෙතනට කොටන්න.


පරිගණකය විවිධ කටයුතු වලට භාවිතා කරන්න පුළුවන් උනත් ඒක පුචලික වීම අඩු වෙන්න බලපාන හේතුවක් තමයි භාවිතා කරන කෙනාට විශේෂයෙන් පරිගණකය හසුරුවන්න ඉගෙන ගන්න වෙන එක. මේ ටච් ස්ක්‍රීන් එකේදිත් ඒ සඳහා භාවිතා කරන විශේෂ පෑනක් වගේ උපකරණය භාවිතය පුහුණු වෙන්න ඕන. ඒක ගොඩක් සරල උනාට සමහර අය මේ වගේ අළුත් උපකරණ දැක්කහම බය වෙනවනේ . ඒක නිසා විද්‍යාඥයො උත්සාහ කරා මේ තාක්ෂණය පුළුවන් තරම් සරල විදියට පාරිභෝගිකය අතට පත් කරන්න. ඒ අනුව ඔවුන් මම අර කලින් කයපු විශේෂ විද්යුත් චුම්බක තරංග වෙනුවට ආලෝක තරංග භාවිතා කරන්න පුළුවන්ද කියල උත්සාහ කරල බැලුව.

ආලෝක තරංග නැත්නම් සාමාන්‍ය ආලොක කිරණ, තවත් විදියකින් කියනවනම් ආලෝකයට සංවේදී වන පරිගණකය සතු උපකරණ දෙක තමයි කැමරාව සහ ස්කෑනරය. එයිනුත් ස්වාභාවික ආලෝකයට සංවේදී වෙන්නෙ කැමරාව. ඉතිං පරිගණක විද්‍යාඥයින් අදහස් කළා සාමාන්‍ය විදියට අතකින් කරන සලකුණු කිරීමක් හරි ඇඟිල්ලකින් කරන ඇඳීමක් හරි පරිගණකයට හඳුනාගැනීමට හැකි වන පරිදි තාක්ෂණය දියුණු කරන්න.

එහිදී කරන්නෙ කැමරාවකින් ආදානය කරන (Input) පින්තූර පෙළක් සන්සන්දනය කරල ඒ පින්තූර පෙලෙහි තියන පිහිටීම වෙනස් වන වස්තූන් හඳුනා ගන්න එක. නිශ්චල පසුබිමක අතේ ඇඟිල්ලක් භාවිතා කරල ඇන්දහම ඇඟිල්ලෙ හිපිටීම එක් එක් රූප රාමුවෙදි වෙනස් වෙනව. ඒක වනස් වීම් මාරිගය ඇඳීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒත් ඒක කරන්න නම් ජය ගන්න ඕන අභියෝග දෙකක තියනව. පළවෙන් එක තමයි තත්පරයක් තුළ විශාල දත්ත ප්‍රමාණයක් පරික්ෂා කර බැලීමට සිදු වෙනව අදාල චලනය හඳුනාගන්න. එම අභියෝගය දැන් වෙළඳපොලට පැමිණ තිබෙන නූතන පරිගණක ජයගෙන තිබෙනවා. ඒ‍වායේ දත්ත දැකසුම් වේගය ඉතා ඉහල නිසා එම අභියෝගය ජයගෙන තිබෙනවා.

දෙවන අභියෝගය තමයි පසුබිමෙන් චලනය වන වස්තුව හඳුනා ගැනීම. මේ සඳහා වර්ණ භාවිතා කළ හැකියි. ඒත් අපි අතේ ඇඟිල්ලකින් යමක් අඳිනකොට අල්ල සහ අතේ අග කොටස (මැනික්කටුව ප්‍රදේශය) ත් චලනය වෙනව. ඒ නිසා පරිගණකයට පැහැදිලිව අඳුනගන්න බැහැ ඇඟිල්ලෙ තුඩයි, ඇඟිල්ලෙ මැද හරියයි. මොකද මේ ස්ථාන දෙකෙ පාට වල ඒ තරම් වෙනසක් නැති නිසා. ඒකට විසඳුමක් විදියට පරිගණක තිරයේ ඇති විධානයන් තෝරාගැනීම, සාමාන්‍ය අතින් ඇඳීම වැනි ක්‍රියා සිදු කරන කොට ඇගිල්ලෙ තුඩ හඳුනාගන්න ඇඟිලි තුඩ විශේෂ වර්ණයකින් වර්ණ ගන්නවනව. එතකොට පරිගණක කැමරාවෙ සටහන් වෙන ඒ විශේෂ වර්ණ පැල්ලම නැත්නම් ඇඟිල්ලේ තුඩ ගමන් කරන මාර්ගය පරිගණකයට පහසුවෙන් හඳුනාගත හැකියි.

දැනට අපි මවුස් එක භාවිතා කරල පරිගණ මතකයේ ඇති කණ්ඩාංක තලයක් මත ඇඳපු වස්තූන් විවිධ වෙනස් කම් වලට ලක් කරණව. ඉදිරියේදි ඉහත කී තාක්ෂණය උපයෝගී කරගෙන පරිගණකය මගින් ප්‍රක්ශේපණය කරල ලද රූපයක තියන විවිධ වස්තූන් වල වෙනස් කම් අතේ ඇඟිලි වලින් අල්ල සිදු කරන්න පුළුවන් විදියේ පරිගණක වෙළඳපොලට ඒවි. ඒ පිළිබඳ මූලික පර්යේෂණ දැන් වෙනකොටත් අවසන් කරල හමාරයි. ආරංචියෙ හැටියට නම් මේ නව තාක්ෂණය විවෘත්ත හා නිදහස් මෘදුකාංගයක් විදියට තමයි දොරට වඩින්න ඉන්නෙ. එහෙම උනොත් නම් කාට කාටත් තමන්ගෙ අතේ ඇඟිලි වලින් වැඩ ගන්න පුළුවන් වේවි. ඒ සම්බන්ධ අළුත්ම තොරතු මේ වීඩියො පටයෙ තියනව. මේක මම මෙතනට ගෙනල්ල එබුවෙ http://video.ted.com/talks/dynamic/PranavMistry_2009I-medium.flv කියන අන්තර්ජාල සම්බන්ධතාවයෙන්. ඒ වීඩියෝ එක බලන්න ඕන නම් මෙතනට කොටන්න

Tuesday, February 23, 2010

මම නං හොරෙක් නෙවෙයි...

මම මේ බ්ලොග් එක හදන්න භාවිතා කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ හොර කොපියක් එහෙම නෙවෙයි. ආඩම්බරෙන් කියන්න කැමතියි මම යොදාගන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සහ ඒ සමග ලබා දෙන නිදහස් මෘදුකාංග. සාමාන්‍ය ලිපි ලේකන කටයුතු වලට Open Office මෘදුකාංග කට්ටලය. පින්තූර වලට හැඩ වැඩ දාන්න GIMP Image Editor. අන්තිමට ජාලගත කරන්න ගිනිනරියා ජාල අතිරික්සුව. ඒ කියන්නෙ ලොව වැඩියෙන්ම භාවිතා වන Browser එක වන Mozilla Firefox Internet Browser එක.

හැබැයි ඉතිං ගෙදර තියන පරිගණක විද්‍යාගාරයෙදි විතරයි මේ වැඩ. කොහේ හරි ගෙදරින් පිට ඉදලා ලියනකොට නම් ඉතිං ......................

මේ බලන්න මගේ කබල් පරිගණකයේ මේ වැඩසටහන් හොදට වැඩ කරන හැටි. (කබල් කිව්වේ මෙකේ වේගය 2.66 MHz, Ram එක 512 MB)

මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයෙන් එහාට (දෙවන කොටස) ...........

අද මම ලියන්න යන්නෙ ඊයෙ ලියපු ලිපියෙ ඉතිරි කොටස. මේ ලිපිය කියවන්න ඉස්සෙල්ල මීට කලින් ලියපු ලිපියත් කියවලම ඉන්නවනම් තමයි හොද.

දැක්කද ඒ පින්තූර? කැන්වස් ස්ක්‍රීන් එකක පෑනකින් ලියන හැටි. ඒ උපකරණය වැඩ කරන්නෙ මෙහෙමයි. මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් වල තියනව විද්‍යුත් චුම්බක තරංග වලට සංවේදී කැමරාවක්. අතේ තියන පුංචි පෑන රිමූට් කන්රෝල් එකක් වගේ. ඒකෙන් නිකුත් කරන විද්‍යුත් චුම්බක තරංග වලට කැමරාව සංවේදී වෙනවා. මුලින්ම ප්‍රොජෙක්ටරය භාවිතා කරල ප්‍රක්ශේපනය කරන පින්තූරයේ මුළු හතර තියන තැන් පෑන භාවිතා කරල පරිගණකයේ මතකයට ඇතුල් කරනවා. ඒ ඇසුරින පරිගණක මතකයේ කණ්ඩාංක තලයක් නිර්මාණය වෙනවා. එම කණ්ඩාංක තලයෙ පෑන ගමන් කරන කොට ගමන් කරන මාර්ගයට අදාල කණ්ඩාංක හදුනාගන්න පරිගණකයට පුළුවන් වෙනවා. ඒ අනුව පෑන ගමන් කරන මාර්ගය පරිගණක මතකයේ තියන කණ්ඩාංක තලයක සලකුණු වෙනවා.

දෙවන පියවර තමයි එම කණ්ඩාංක තලයේ තියන මාර්ගය ප්‍රක්ෂේපකයේ තියන පින්තූරය මතට ගන්න එක. ඒක පරිගණක වැඩසටහනක් මගින් බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඒ විදියට පෑන ගමන් කරපු මාර්ගය ප්‍රක්ෂේපකයේ තියන පින්තූරය මත අදිනවා. එතකොට අපට පේන්නේ පෑනෙන් තිරය මත ලියවෙනව වගේ.

මීට අමතරව ප්‍රක්ෂේපිත පින්තූරය මත තියන විධානයක් පෑන භාවිතා කරල තෝරන්නත් පුළුවන්. එහෙම තෝරනකොට පෑනෙ තියන විශේෂ බටන් එකක් ඔබන්න ඕන. එතකොට බටන් එක් ඔබපු වෙලාවෙ පෑන තිබුන කණ්ඩාංකය පරිගණකයට කියවන්න පළුවන්. දෙවනුව පරිගණක වැඩසටහන මගින් එම කණ්ඩාංකයේ තියන බටන් එක ක්ලික් කරහම ක්‍රියාත්මක වෙන් ඕන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

මේ තාක්ෂණය භාවිතා කරල තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉදිරි අනාගතේදි මම ඒ තාක්ෂණය පිළිබද අළුත්ම දැනුම ඔබට ලබා දෙන්න උත්සාහ කරනවා. මේ ටච් ස්ක්‍රීන් ප්‍රොජෙක්ටර් වල භාවිතා කරන තාක්ෂණය පිළිබද තවත් පැහැදිලි කරගන්න ඕන නම් මේ පින්තූරත් බලන්න..

මේ පින්තූරයෙ තියන ප්‍රොජෙක්ටරයෙ නම් දේශකයට ලියන්න වෙනම පින්තූරයක් පූක්ෂේපනය කරනව. ඒකෙ ලියන දේ ඉස්සරහ තියන තිරයේ පේනව. ඒත් මම කලින් දාපු ලිපියෙ තිබුන පින්තූර වන තිබුන ප්‍රොජෙක්ටර් වල දේශකයට ලියන්නත් පාඨකයට පේන්නත් තියෙන්නෙ එකම තිරයක්.





උඩ තියන පින්තූරයෙ තියන ප්‍රොජෙක්ටරය ඇතුලත ව්‍යුහය තමයි මේ තියෙන්නෙ.




මේ ලිපියෙ තුන්වන කොටස බලන්න ඕන නං මෙතනට කොටන්න.

මෙම බ්ලොග් අඩවිය ඔබට වඩාත් ප්‍රයෝජනවත් තැනක් බවට පත් කිරීමට ඔබගේ අදහස් ඉතා අගය කොට සලකමි. (තේරෙන සිංහලෙන් කියනවනම් පුළුපුළුවන් විදියට Comments දාන්න.)

Monday, February 22, 2010

මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයෙන් එහාට .....




දේශණය ආරම්භ උනා. දේශකය සුදුපාට තිරය මතට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරය උපකාර කරගෙන සිතියමත් ප්‍රක්ශේපනය කරල තියනවා. මේක නං ඉතිං අපි කවුරුත් දන්න සරළ දෙයක් නෙ. දේශන වල විතරක් නෙමෙයි සංගීත සන්දර්ශණ, දේශපාලන වේදකා, ටියුෂන් පන්ති වගේ ඒවයෙත් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් වැහි වැහැපු කාලයක් නෙ මේක.

එකපාරටම සිතියමේ තිබුනු එක් ස්ථානයක් රතුපාටින් රවුම් කරල පෙනුවහම තමයි මගෙත් අවධානය යොමු උනේ ඒ තාක්ෂණය මොකක්ද කියල සොයන්න. පිටතට පෙනුන විදියට නම් දේශකයගෙ අතේ තිබුන පුංචි කූරක් පාවිච්චි කරල තිරය මත ලියන්න පුළුවන් උපකරණයක් ඒක. අපි ටච් ස්ක්‍රීන් නම් භාවිතා කරල තියනවා. ඒවයේ තිරය හදල තියෙන්නේ බාහිරින් ටචි කරන විට එම ස්පර්ශය සංවේදනය කරන්න පුළුවන් විදියට. ඒත් මේ නිකංම සුදු කැන්වස් එකකින් හදල තියන ස්ක්‍රීන් එක ටච් කරනකොට කොහොමද ඒක ටච් සෙන්සිටිව් (ස්පර්ශ සංවේදී ) වෙන්නෙ...

දැං හොඳටම රෑ වෙලා.. පස්සේ වෙලාවක මම ඒක වෙන විදිය කියල දෙන්නං. අදට මතක තියාගන්න එහෙම දේවල් දැන් දැන් භාවිතයට ඇවිල්ල තියන බව. සැක නම් මේ පින්තූර බලන්නකෝ...

මේ ලිපියෙ දෙවන කොටස බලන්න ඕන නං මෙතනට කොටන්න.



ඇරඹුම ......

සීග්‍රයෙන් දියුනු වන ලෝකයේ දස දෙසින් ගලා එන දැනුමින් බිඳක් ඔබේ ප්‍රයෝජනය සඳහා සටහන් කර තබන්නට ගත් උත්සාහයක පළමු පියවර තබන දිනය අදයි.

පරිගණක ක්ශේත්‍රයේ අළුත්ම දැනුම සොයා යන ගමන අතර තුර ලබාගත් දෙයින් බිඳක් ඔබටද ඉතිරි කිරීම සඳහා මෙම බ්ලොග් අඩවිය සකස් කරමි. මෙම බ්ලොග් අඩවිය www.comkin.tk වෙබ් අඩවිය හා ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන අතර බ්ලාග් අඩවියේ සියළු ප්‍රකාශන වල අයිතිය Computer Kingdom ආයතනය සතුය. එම ආයතනය වෙනුවෙන් බ්ලොග් එක ලියන්නේ ,

සී. තිලකරත්න,
කොම්පියුටර් කින්ඩම් ආයතනය,
අංක 101, ඉසුරුපුර,
ඉඳිගස්කැටිය,
බද්දේගම.
ශ්‍රී ලංකාව.

දු.ක. 0718 262350
විදුතැපැල් comkin.lk@gmail.com
අන්තර්ජාලය www.comkin.tk