බලාපොරොත්තුව..

හෙට තාක්ෂණය අද ඔබේ අතට....



Tuesday, March 2, 2010

පෙන් ඩ්රයිව් එකට වෛරස් එන එකට......

මුලින්ම කියන්න ඕන මේක සියයට සියයක්ම නිවැරදි ක්‍රමයක් නම් නෙවි. ඒ වගේම ඉතා ගැඹුරු තාක්ෂණික පසුබිමක් තියන ක්‍රමයකුත් නෙවෙයි. ඒත් නොදන්න කමටයි නැති කමටයි ජාමෙ බේරගන්න පුළුවන් පොඩි ගැජමැටික් වැඩක්.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ තියන ලොකුම ගැටළුවක් තමයි Autoplay Feature එක. ඒ කියන්නෙ සීඩී එකක් දැම්මම හරි පෙන් එකක් ගැහුවම හරි ඒකෙ Root Directory එක ස්වයංක්‍රීයව කියවල එතන Autorun.inf කියන File එකක් තියනවනම් ඒ File එකේ තියන උ‍පදෙස් අනුව යම් කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරන එක. වින්ඩෝස් වල අපේ පහසුව ගැන හතල දීපු මේ පහසුකම මගින් ගොඩක් වෙලාවට පරිගණක වෛරස පැතිරී යනවා.

එක වෙන්නෙ අපි අපේ පෙන් එකක් ගැහුවම වෛරස් වැඩසටහන පෙන් එකට ‍ස්වයංක්‍රීයව පිටපත් වෙනවා. එම වෛරස් වැඩසටහන ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න පෙන් එකේ වෛරස් එක මගින්ම Autorun.inf File එකක් සකස් කරනව. ඊට පස්සෙ ඒ පෙන් එක අපි වෙන පරිගණකයක ගහපු ගමන් වින්ඩෝස් වලින් ස්වයංක්‍රීයව Autorun.inf File එක කියවල ඒකෙ තියන උදෙස් අනුව වෛරස් වැඩ සටහන ක්‍රියාත්මක කරනව. ඒ වෛරස් වැඩසටහන මගින් පෙන් එකේ තියන වෛරස් වැඩසටහන මකන්න දෙන්නෙත් නෑ. Hard Disk එකටත් වෛරස් වැඩසටහන පිටපත් කරනවා. පරිගණක මතකයේ රැඳී සිටිමින් වෙන්ත පෙන් එක්ක ගැහුවම ඒකටත් වෛරස් එක පිටපත් කරනවා. ඒ වගේම මේ ක්‍රමයට පැතිරෙන වෛරස් වින්ඩෝස් වල සමහර Settings වෙනස් කරල අපිට යම් යම් ගැටළු ඇති කරනවා.

වෛරස් එකේ ක්‍රියාව පටන් ගන්නෙ Autorun.inf File එක ලිවීමෙන්. ඒ නිසා අපිට ඒ File එක ලියන එක නවත්වන්න පුළුවන් නම් මේ ක්‍රමයට පැතිරෙන වෛරස් ව්‍යාප්ත වීම නවත්තන්න පුළුවන්. ඒකට අපි කරන්නෙ පෙන් එකේ Root Directery එක (ඒ කියන්නේ පෙන් එක මත ඩබල් ක්ලික් කරල ඕපන් කර ගමන් පෙන්ව Folder එක) ඇතුලේ Autorun.inf නමින් Folder එකක් හදල ඒකට Read Only, Hidden කියන Attributes දෙක දාන එක.

මේහෙම Folder එකක් හැදුවම වෙන්නෙ වෛරස් වැඩසටහන මගින් පෙන් එකට වෛරස් එක පිටපත් කළාට ඒක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරවන Autorun.inf File එක් සකස් කරන්න බැරුව යනවා. මොකද අපි හදපු Folder එක තියන නිසා. එක නමින් File/Folder දෙකක් තියන්න බැරි නිසා වෛරස් එකට එයාගෙ Autorun.inf File එක හදන්න බැරුව යනවා. එතකොට වෛරස් එක පෙන් එකේ තිබුනට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා අපිට පෙන් එක් බලල වෛරස් වැඩසටහන මකල දාන්න පුළුවන්.

Autorun.inf File එක මගින් ව්‍යාප්ත වන විදියට හදල තියන වෛරස් පැතිරී යාම ඉහත ගොඩවෙදකම මගින වලක්වා ගන්න පුළුවන්. ඔබත් කරල බලන්න. අදහසුත් දක්වන්න.

3 comments:

  1. ඇයි Hidden Attrib එක දාන්නෙ ? Virus එකට පෙනෙන්නෙ නැති වෙන්නද? :D

    ReplyDelete
  2. ඔකත් හරි ඕනනම autoplay එක අයින් කරන්න පුලුවන් control panel ගිහින් autoplay click කරලා තමන්ට කැමති විදියට option දාගන්න(vista/windows7). double click කරලා open කරන්නේ නැතුව explorer විදියට open කරන්න ඒ වගේ පොඩි දේවල් වලින් virus යම් තාක් දුරකට අඩු කරගන්න පුලුවන්

    ReplyDelete
  3. දාපු සටහන් වලට බොහොම ස්තූතියි.

    Hidden Attribute එක දැම්මම අපට පෙන් එක Browse කරන වෙලාවට Autorun.inf පෙන්නන්නෙ නැති නිසා අනවශ්‍ය කරදරයක් ඇති වීම වලකිනවා.

    අපි එකඑක් පරිගණක වල වැඩ කරන විට ඒ හැම පරිගණකයකම Settings හද හද ඉන්නටවට වඩා මේ වැඩේ ලෙසියි. අනික පරිගණක ක්ෂේත්‍රයේ දක්ෂයො තමයි Explore විදියට Open කරන්නෙ. සාමාන්‍ය අයට double Click කරන කැත පුරුද්ද මගහරවා ගන්න ගොඩක්ම අමාරුයිනේ.

    ReplyDelete